ගොඩදෙනෙක් "රාජකාරිය දේවකාරිය" කරගෙන තියෙනවනෙ. මාත් ඒ වගේ කෙනෙක්. ජීවිතේ මොන මොන කරදර තිබුනත් මාසෙ අන්තිමට පඩිය හරි හම්බවෙනවනෙ කියාගෙන බොක්කෙන් බැහැල වැඩ කරපු ඩයල් එකක්. එහෙම කියල අර ස්ට්‍රෙස් හදාගෙන දුක් වින්දෙත් නෑ. (එහෙම පීඩාකාරී දවස් නොතිබුනාමත් නෙමෙයි. ඒත් මම ඉන්න IT ෆීල්ඩ් එකේ ඕව සුලභ දසුන්.) කොහොම උනත්, ජීවිතේ ඒ වගේ යම් ඉලක්කයක් තියාගෙන, කාර්ය බහුල වෙලා ඉන්නකොට දුක අඩුයි. ඕනෙ ඕනෙ නැති දේවල් ගැන වැඩිය එරීගෙන හිතන්න වෙලා නැතිවෙනව. කෙලි ප්‍රශ්න, රටේ ප්‍රශ්න, බොන්න ඕනෙ ප්‍රශ්න ඔක්කොම අමතක වෙනව හොඳ කෝඩ් කෑල්ලක් ගහන්න සෙට් වුනාම.
දැන් ඉතින් ඔහොම කොහෙන් කොහෙන් හරි ගේම ගැටගහන් හිටපු අපේ උන්දට රස්සාව දාල යන්න උනා මාස තුනකට කලින් විතර. මොරටුව කැම්පස් එකේ කරන් යන MSc එකේ වැඩ කෝටියක් ගොඩ ගැහිල තිබුනෙ. මතක කාලෙක ඉඳන් ඇණයක් වෙලා තිබ්බ ස්ටැටිස්ටික්ස් සබ්ජෙක්ට් එක මේකෙත් තිබ්බ. ඒක දැන් අවුරුදු දෙකක් තිස්සෙ ෆේල්. මේ පාර ගෙදර ඉඳන් හරි ගොඩ දානව කියල තමයි ගේමට බැස්සෙ. හොඳ වෙලාවට උඩෑසිටී එකේ හොඳ ස්ටැට් කෝස් එකක් සෙට් වුනා. නැත්තම් ඒක ආයෙත් කපෝති.
හරි හරි, මම කියන්න පටන් ගත්ත කතාව නෙමෙයිනෙ.
මට කියන්න ඕනෙ වුනේ කරන්න රස්සාවක් නැති වුනාම ඔය හිත ඇතුලෙ තියෙන කුණුගොඩවල් ඔක්කොම එලියට එනව. ඕනෙ නැති හැම මගුල ගැනම කියෝ කියෝ විග්‍රහ දෙන්න ෆුල් ට්‍ර්යි එක දෙනව.
ඉස්සර තිබ්බ වගේ තනියෙම හිතල ඇප් එකක්, ඩිසයින් එකක්, දත්ත ටිකක් අරන් ඒ ගැන ඇනෑලිසිස් එකක් වගේ දේවල් කරන්න කිසිම උනන්‍දුවක් නෑ. යසට හිටපු සතාට මොනා වුනාද කියල හිතාගන්න මටවත් බෑ. 😢
*උපුටාගැනීම:* [Owlturd Comix][4]
අලුතෙන් දෙයක් කරන්න හිතෙනවනම් ඒ ගිටාර් ගැහිල්ල විතරයි. ඒකත් පොඩ්ඩක් හිමින් සීරුවේ කරන්නෙ, මොකෝ "පාඩම් කරන්නැයි" කියල නැවතිච්ච එකා කලාවට නැඹුරු වෙන්න ගත්තහම ගෙදර කට්ටිය පොඩ්ඩක් ටෙනා ගහනව.
ඉතින් ඔයවගේ මනෝවිකාර සීන් ටිකක් එක්ක තමයි පහුගිය මාස තුන ගත කරේ. ස්ටැට් විභාගෙ මේ සෙනසුරාද. පාස් වුනොත් හොඳයි, මොකෝ නැත්තම් "කොච්චර කළත් මෙච්චර තමයි" කියල අතෑරල දාන්න තමයි වෙන්නෙ.