අල්පේච්ඡතාව

හිස්‌ අහසේ සරණ විහඟෙක්‌ සේ

භික්‍ෂුව බහු භාණ්‌ඩික නොවිය යුතුයි. යම් දිසාවකට යන කල්හි පාසිවුරු, ඇතිරිලි, තෙල්, සකුරු ආදී බොහෝ උපකරණ පොදි බැද මිනිසුන් ලවා උරෙන් හෝ හිසින් උසුලවාගෙන ගිsය භික්‍ෂූන් බුදුන් කල සිට තිබේ. සැහැල්ලු චාම් පැවතුම් ඇති භික්‍ෂුවට අවශ්‍ය වන්නේ අට පිරිකරම පමණි.

තනිපට සිවුර, දෙපට සිවුර, අඳනය, පටිය, පාත්‍රය, කඩකැත්ත (දැලිපිහිය), ඉඳිකටුව සහ පෙරහන්කඩ අටපිරිකරයි.

අටපිරිකර පමණක්‌ ඇතිව යම් දිසාවක ගමන් කරන භික්‍ෂුව පියාපත් සහිතව සිව්දිගට ඉගිල්ලී යන පක්‍ෂියකු මෙන් නිදහස්‌ යෑයි බුදුහිමි කරණීය මෙත්ත සූත්‍රයේදී සඳහන් කරයි.

Wandering Monk


Built using Pelican.