අභය ලිබ්රේ වලට මාරු වීම

Abhaya Libre

දැං මේ බ්ලොග් එකේ අන්තර්ගතයට (සිංහල හා ලතින් අකුරු සඳහා) සම්පූර්ණයෙන්ම යොදාගන්නෙ අභය ලිබ්රේ අකුරු මුහුණතයි. ප්‍රවීන අකුරු මෝස්තර නිර්මාණ ශිල්පී පුෂ්පානන්ද ඒකනායක මහතාගේ 'එෆ් එම් අභය' මුහුණතෙන් පරිණාමය වූ මෙය, ඒ මහතාගේ පූර්ණ සහය ඇතිව පැතුම් එගොඩවත්ත ප්‍රමුඛ මූනියක් සමූහයෙන් "සම්පූර්ණ නිදහස්, හිමිකමින් තොර, යුනිකෝඩ් අනුකූලතා පහසුකම සහිත" අකුරු මුහුණතක් විදිහට Google Web Fonts නාමාවලියට එක් කරල තියෙනව. ඔබේ වෙබ් පිටුව සඳහාත් මෙය ලබාගන්න පුළුවන්.

Google Web Fonts පිටුවෙ කියන විදිහටනම් දැනටමත් අඩවි 1,131ක විතර 'අභය ලිබ්රේ' භාවිතා වෙනවලු.

යාවත්කාලීන කිරීම:

මේක මම ඊයෙ මහ රෑ නිදාගන්න කලින් ලියපු පෝස්ටුවක් නිසා වැදගත් කරුණු ටිකක් කියන්න බැරි උනා.

සිංහල වෙබ් අකුරු මුහුණතක් මෙතරම් වැදගත් වෙන්නෙ ඇයි?

Sinhala Not Rendering

සිංහල යුනිකේත වෙබ් අඩවි කියවන අයෙක් නම් ඔයගොල්ලන්ට අනේක වාරයක් මේ වගේ තිර දැකල පුරුදු ඇති. තමන් පාවිච්චි කරන පරිගණකෙ හරි මෘදුකාංගෙ හරි සිංහල ස්ථාපිත කරල නැතිකොට තමයි මේක වෙන්නෙ. සාමන්‍යයෙන් පරිගණකයක (වින්ඩෝස්, ඇපල් හෝ ලිනක්ස්) සිංහල අටෝගන්න එතරම් අමාරු නෑ, හැබැයි ඇන්ඩ්‍රොයිඩ් වගේ පද්ධතියක "රූට්" කිරිලි වගේ ලොකු ලොකු සෙල්ලං දාන්න වෙනව සිංහල දාගන්න.

වෙබ් අකුරු මුහුණතක තියෙන අපූරුම දේ තමයි තමන්ගෙ යන්තරේට කිසිම දෙයක් අලුතෙන් අටවන්නෙ නැතුවම සිංහල පාවිච්චි කරන්න පුලුවන් වෙන එක. ඒ වගේම ඒ ඒ පද්ධතියට ආවේනික මුහුණතින් පෙන්නන්නෙ නැතුව හැමතැනම (iOS වේවා, වින්ඩෝස් වේවා, ඇන්ඩ්‍රොයිඩ් වේවා) එකම් සම්මත අකුරු මුහුණතකින් තමන්ගෙ වචන ටික දිස් වෙන එක.

Cross Platform

මීට කලිනුත් ෆොන්ට් තිබ්බනෙ?

ඔව්. "මලිති වෙබ්", "ඉස්කෝල පොත" වගේ ගොඩක් අකුරු මුහුණත් තිබ්බා. ඒත් ඒව එකක්වත් "සම්පූර්ණ නිදහස්, හිමිකමින් තොර, යුනිකෝඩ් අනුකූලතා පහසුකම සහිත" කියන කාණ්ඩ තුනටම අයත් වුනේ නෑ. ඒ නිසා නිදහසේ පාවිච්චි කරන්න පුළුවන් web font එකක් සිංහල සඳහා තිබ්බෙ නෑ. මේක සිංහල අන්තර්ජාල භාවිතය කෙරෙහි බරපතල ප්‍රශ්නයක් බවට පත්වුනා.

තව තොරතුරු තියෙනවද?

මූනියක් සමූහයේ බ්ලොග් අඩවිය සහ ගිට්හබ් පිටුව කියවල බලන්නකො. ලංකාවෙ දැනට අකුරු මුහුණත් ක්‍ෂේත්‍රයේ අළුත් දෙයක් කරන නිර්මාණශීලී යොවුන් පිරිසක් විදිහට මොවුන්ව හඳුන්වන්න පුළුවන්.


Built using Pelican.