කාලෙකින් හෙළ බසින්: චීන නිල මුද්‍රා

අන්තිමට සිංහලෙන් පෝස්ටුවක් ලිව්ව කාලයක් මතක නෑ. ඇත්තටම කිව්වොත් උබුන්ටු 16.04 දැම්මට පස්සෙ iBus එක හදාගත්තෙ අද.

වෙනදටනං මොනාහරි බෙදාගන්න ලින්ක් එකක් හරි තියෙනවනෙ. අද එහෙම එකක් නෑ, හැබැයි පහුගිය දවසක reddit එකේ AskHistorians (ඉතිහාසඥයන්ගෙන් අසමු) සමූහයේ දැකපු අපූරු පෝස්ටුවක් ගැන කියන්නයි මම යන්නෙ.

How were wax seals and such not counterfeited?

චීනය, ජපානය ඇතුළු පෙරදිග රටවල් වල අධිරාජ්‍යවරු භාවිත කරපු මේ නිල මුද්‍රා ව්‍යාජ ලෙස පිටපත් කරන්න තිබුනු ප්‍රධානම බාදකය මේවගෙ තියෙන තියුණු අඩුපාඩුකම්ලු. මීට හේතුව මේව අතින් නිර්මාණය වීමයි.

Han Imperial Seal

හැබැයි පුදුමසහගතම දේ තමයි අද වෙන තුරුත් පෙරදිග ලෝකෙ එදිනෙදා කටයුතු වලට මේ මුද්‍රා භාවිත වෙනවලු.

Even today, you can't sign a lease or buy a car/motorcycle or open a bank account without one (at least in Taiwan, Japan, Korea, with some exceptions). People mostly consider them more secure than a signature.

තව:

When selling a car or setting up a bank account, you need to not only stamp the papers, but also bring a paper from city hall certifying your stamp being legit (when you get a new stamp you bring it to city hall, so they have a kind of master copy).

කවදාවත් වුවමනාවකට හරියට අත්සනක් ගහගන්න බැරි අපි වගේ අයටනම් මේක කියාපු විසඳුමක්.


Built using Pelican.